අන්තර්ජාලයේ අදුරු පැතිකඩ ලිපි පෙළ -02 (The dark side of the internet 02)

Deep web 

Deep Web යන්න හදුනා ගැනීමට පෙර WWW යනු කුමක්ද යන වග හදුනාගනිමු.World Wide Web (WWW) යන්න 1989 දී  ප්‍රථම වරට හදුන්වා දෙන්නේ ඉංග්‍රීසි ජාතික Tim Berners Lee මහතා විසින් .ඒ වගේම 1990 වෙන කොට එතුමා විසින්ම ප්‍රථම වෙබ් බව්සරය සදහා අදාළ ක්‍රමලේඛ කටයුතු කරනවා .මේ World Wide Web තමයි පොදුවේ web වශයෙන් හදුන්වන්නේ .සැම තත්පරයකදීම බිලියන සංඛ්‍යාත පරිශීලකයන් WWW හරහා සැරිසරමින් අන්තර්ජාල අත්දැකීම විදිනවා .සරලව ගත්තොත් වෙබ් පිටුවක් කියන්නේ text document එකක් . එය ලේඛන ගත කරලා තියෙන්නේ HTML (Hypertext Markup Language )  අදාරයෙන් .
ලෝකේ තියෙන හැම දේකටම හොද පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා .පැත්ත මොකක්ද කියන එක තීරණය වෙන්නේ අපි ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක කරුණ මතයි .මේ කියන දේ අන්තර්ජාලයටත් පොදුයි .අන්තර්ජාලයේ හොද පැත්ත තමයි Surface Web කියන්නේ ,අනෙක් පැත්ත තමයි Deep web .
Surface Web කියන වචනය නුහුරු නුපුරුදු එකක් වූවත් , අපි සාමානයෙන් එදිනෙද පාවිච්චි කරන අත්දකින අන්තර්ජාලය තමයි Surface Web කියන්නේ .ඔබට ඕනෑම වෙබ් බ්‍රව්සර් එකක් භාවිත කරලා Google ,Yahoo, Bing යනාදී ඕනෑම search engine එකක් භාවිත කරලා Surface Web වල තියෙන වෙබ් පිටු වලට යන්න පුළුවන් .මේ ලිපිය කියවන 99% ක් දෙනා  ජිවිත කාලය පුරාවටම අන්තර්ජාලය කියා අත්විදලා තියෙන්නේ Surface Web එක තමයි .පොදුවේ Surface Web වල අඩංගු websites වල   domain name  අවසන් වන්නේ .com , .org , .net 
යනාදී වශයෙන් .
Deep Web වල අඩංගු වෙබ් අඩවි තුලට සාමාන්‍ය වෙබ් බ්‍රව්සර් එකක් මගින් හෝ සෙවුම් යන්ත්‍රයක් භාවිතයෙන් ප්‍රවේශවීම සිදුකල නොහැකි වන අතර Deep Web එක සගවා ඇත්තේ HTTP forms පිටුපස.  උදාහරණයක්  ලෙස ඔබගේ Web mail , online banking system , facebook profile වගේ දේවල් වලට මුරපදයක් නොමැතිව කිසි අයකුට access කල නොහැකියි .මන්ද ඒවායේ තොරතුරු ගබඩා වි ඇත්තේ Deep Web  තුලයි .
ඇත්තටම මේ Deep Web එක අපි එදිනෙද පාවිච්චි කරන Surface Web එකට වඩා විශාල එකක් .Public information පමණක් සැලකුවත් Surface Web තුල අඩංගු තොරතුරු ප්‍රමාණය මෙන් 550 ගුණයක් තොරතුරු Deep Web එක තුල තියෙනවා .සංඛ්‍යාත්මකව ගත්තොත් Deep Web වල බිලියන 550 ක්  documents අන්තර්ගතයි   , නමුත් Surface Web තුල අඩංගු වන්නේ බිලියන 1 ක documents පමණි . Deep Web තුල අඩංගු තොරතුරු වල සම්පුර්ණ ධාරිතාව පෙටා බයිට්1192.52   . නමුත් Surface Web තුල අඩංගු තොරතුරු ප්‍රමාණය ටෙරා බයිට් 368  ක් පමණයි .
Deep Web කියන්නේ access කරන්න අපහසු නැහැ. ඒ සදහා භාවිතයට වඩාත්ම සුදුසු වන්නේ Tor browser එක .එහි ඇති Duck Duck Go සෙව්ම් යන්ත්‍ර හරහා පහසුවෙන් ඔබට Deep Web අඩවි වලට ප්‍රවේශ විය හැකියි .නමුත් Deep Web වල කුඩා කොටසක්ය වන dark web  වලින් ඔබ ප්‍රවේශම් විය යුතුයි .dark web යනු  සාමාන්‍ය කෙනෙකුට යන්න සුදුසු පැත්තක් නෙමෙයි .එය පිරි ඇත්තේ මත්ද්‍රව්‍ය වෙළදාම ,ශරීර අවයව වෙළදාම , කුලියට මිනීමරුවන් ලබා ගැනීම , ළමයින් යොදාගෙන සිදුකරන අසැබි වීඩියෝ පට , මල මිනි සමග සිදුකරන ලිංගික කටයුතු දැක්වෙන පිළිකුල් වීඩියෝ පට , සජීවී ව මිනිසුන්ව මැරීම හෝ හිරිහැර කිරීම , රාජ්‍ය තොරතුරු වලට අනවසරයෙන් ප්‍රවේශවීම වැනි ඉතාම දරුනු ගනයේ අපරාද .එනිසා  කිසිදින deep web(විශේෂයෙන් dark web කොටස ) සැරිසරන්නට  යාම නුවනට හුරු ක්‍රියාවක් නම් නොවේ .සමහර විට ඔබව නොකළ වරදකට පවා හසුවීමේ වැඩි ඉඩකඩක් තියෙනවා . .විශේෂයෙන්ම deep web
යනු හැකර් වරුන්ගේ පාරාදීසයක් .
Dark web  පිළිබද දීර්ඝ විස්තර ඉදිරි ලිපි තුලින් බලාපොරොත්තු වන්න .



උපුටා ගන්නා ලදී..
(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments