අන්තර්ජාලයේ අදුරු පැතිකඩ ලිපි පෙළ -01 (The dark side of the internet 01)


Anonymous

අන්තර්ජාලේ සැරිසරන ඔබත්  Anonymous නම් කල්ලිය පිලිබදව අසා ඇති .මේ online කල්ලිය ආරම්බ වන්නේ 4Chan වෙබ් අඩවියේ විහිළුවක් වශයෙන් .නමුත් අද වන විට Anonymous ලෝක දේශපාලනයට පවා බලපෑම් කළහැකි ප්‍රබල කල්ලියක් බවට පත්වී හමාරයි .ආරම්බයේදී මේ අය  කලේ නොගෙවූ pizza ගෙවල් වලට යැවීම ,යම් අයට  අපහාස වන අයුරින්   post   සෑදීම , website අවහිර කිරීම  සහ prank calls වගේ දේවල් .නමුත් කල්යත්ම ඇමරිකානු දේශපාලනයට පවා බලපෑ විකිලික්ස් අර්බුදයට Anonymous දැක්වූ ඍජු මැදිහත්වීමත් සමගම මෙය ලොව පුරා ප්‍රසිද්ධ වුණා .ඒ වගේම ඊජිප්තු සහ ඉරාන අර්බුදවලත් Anonymous කල්ලියේ මැදිහත් වීම් දක්නට ලැබුනා .
ඕනෑම කෙනෙකුට මෙම කල්ලිය  සමග එක්විය හැකියි .ඒ වගේම කල්ලියේ සාමාජිකයන්ට කිසිදු නීතියක් නැහැ .කල්ලියට නායකයෙක් හෝ මෙහෙයවන්නෙක් නොමැති අතර Guy Fawkes mask එක සලකුණක් වශයෙන් යොදාගන්නවා .සමහර විට ඔබ සිතනවා ඇති මෙම කල්ලියේ ඉන්නවා ඇත්තේ  හැකර් වරු පමණයි කියලා .ඇත්තෙන්ම නැ . සමස්ත කල්ලියේ ඉන්න පිරිසෙන් 10% ක් වගේ පොඩි පිරිසක් තමයි hackers ලා .ඔබට නොපෙන්වුවත් පරිගණකය ඇසුරු කරන ඔබේ සමීපතම මිතුරා පවා මේ කල්ලියේ සාමාජිකයෙක් වෙන්න පුළුවන් .සමහරවිට මේ ලිපිය කියවන ඔබත් මේ කල්ලියේ වෙන්න පුළුවන් (එහෙම අය angry reacts දාගෙන යන්න )
කල්ලිය මොකක් හරි ප්‍රශ්නයකට මැදිහත් වෙනවද කියන එක තීරණය වෙන්නේ ඒ කට සාමාජිකයන් දක්වන ප්‍රතිචාර මතයි .ගොඩක් වෙලාවට වෙබ් අඩවි බිදවට්ටන එක මෙයාලගේ එක ක්‍රමයක් .හිතන්න එක වෙබ් අඩවියකට එක පාර සිය දහස් ගානක් access කරනවා .එතකොට අඩවිය අඩපන වෙනවා .මේ කල්ලිය එක වතාවක් master card සහ paypal වලට මේ දේ කරා .තවත් මේ අයගේ බලපෑමක් තමයි fake IP address හෝ zombie computers භාවිත කරලා වෙබ් අඩවි වලට ප්‍රහාර එල්ල කිරීම . තවද මේ අය ප්‍රසිද්ධ සමාගම් වල රහස් පෞද්ගලික තොරතුරු සමාජයට මුදා හරිනවා . මේ වගේ ප්‍රබල බලපෑම් සිදු කළහැකි කල්ලියක් බවට ඔවුන් අද පත්වී හමාරයි .
"The voice of none is stronger than the voice of one " 
                                   -Anonymous-

උපුටා ගන්නා ලදී..
(මුල් අයිතිය කතෲ සතුයි)

Watch Video Of Anonymous 👇




Post a Comment

0 Comments