ඩොස් ඇටෑක්..(DoS Attacka)



මොනවද මේ ඩොස්/ ඩී ඩොස්/ පී ඩොස් ඇටෑක් කියන්නේ...! කොහොමද ඒවා වැඩ කරන්නේ??

ඔන්න අද මම ඩොස් ඇටෑක් කියන පැත්තට හැරෙන්න තමා යන්නේ.. ගොඩක් උන් නම් දන්නවත් ඇති. කරලත් ඇති. උදවු කරලත් ඇති. නොදන්න උන්ට දැනගන්න තමයි කියන්න හදන්නෙ.
මොනවද මේ ඩොස්/ ඩී ඩොස්/ පී ඩොස් ඇටෑක්.....??
ඩොස්(ඩැනියල් ඔෆ් සර්විස්) හෝ ඩී ඩොස් (ඩිස්ට්රි.බියුටඩ් ඩැනියල් ඔෆ් සර්විස්) එකකින් ප්රසධාන වශයෙන් වෙන්නේ වෙබ් සයිට් එකක් හෝ ඒකෙන් ලබා දෙන සේවාවන් අන්අවේලබල් කිරීමක්..
මම මේකට උදාහරනයක් ගත්තොත් උසස් පෙළ/ සාමාන්ය පෙළ ප්ර ථිඵල පිටඋන ගමන්ම රිසාල්ට් බලන සයිට් එකට යන්ඩ මොනතරම් try කරත් ගොඩක් දෙනෙකුට වෙබ්සයිට් අන්අවේලබල් කියලා වැටෙනවා මිසක් සයිට් එකට යන්ඩ බෑනෙ නේද??
ඒකට හේතුව වෙන්නේ ගොඩක් දෙනෙක් එකම වෙලාවේ ඒ වෙබ් සයිට් එකට එන්න හදපුවම සයිට් එකට දෙන්න පුලුවන් උපරිම ට්රැනෆික් ලිමිට් එක පනිනවා.. ඒ කිව්වේ වෙබ්සයිට්ස් දරා සිටින වෙබ්සර්වර් කියන්නෙත් අපි එදිනෙදා දකින පරිගනක වගේම නිපද උන ඒත් ඊට වඩා ප්රිමානයෙන්, ධාරිතාවයෙන්, සම්පත් වලින් ආදියෙන් ඉහල සර්වර් ඕ.එස් එකක් භාවිතා කරන පරිගනකයක්.. ඔය මොනවා තිබ්බත් එක සැරේ ලක්ෂ ගානක් දෙනා මේ වෙබ්සර්වර් එක භාවිතා කරද්දි අපේ පරිගනක වගේම මේකත් ස්ලෝ වෙනවා.. තව තව අය භාවිතා කරන්න පටන් ගද්දි මේක වැඩ නැතුවම යනවා.. ඒ කිව්වේ වෙබ්සර්වර් එකට එය භාවිතා කරන්නන් ගනන හෝ ඔවුන්ගේ ඉල්ලීම් ප්රවමානය දරා ගත නොහැකි වෙනවා..
ඩොස්/ ඩී ඩොස් ඇටෑක් එකකදි වෙන්නේ අපි බොරුවට මේ වගේ ලොකු ට්රැඩෆික් එකක් නිර්මානය කරනවා.. ඇත්තටම මේ වගේ ට්රැෆික් එකක් නැති උනත් අපි ඇති කරන බොරු ට්රැෆික් එක නිසා වෙබ්සර්වර් එක හිර වෙනවා. බෑන්ඩ්විත් ලිමිට් එකක් තියනවනම් ඒක ඉවර වෙනවා. ඒ වගේ දේවල් නිසා වෙබ්සයිට් එක අන්වේලබල් වෙනවා හැම කෙනෙක්ටම.
ඔන්න ඕක තමා සරලවම ඩොස්/ ඩී ඩොස් ඇටෑක් එකක් කියන්නේ.
එතකොට පී ඩොස් ඇටෑක් (පර්මනන්ට් ඩැනියල් ඔෆ් සර්විස්) කියන්නේ ජාල උපාංග වල මොකක් හරි අවුලක් භාවිතා කරලා පරිගනකයක හාර්ඩ්වෙයාර් උපාංග වලට ස්ථීරවම හානි පැමිනවීම තමා මේකෙදි කරන්නේ. මේක ගැන අපි පස්සේ වෙනමම කතා කරමු. (ඒ කිව්වෙ වෙන දවසක හොදේ)
ඩොස්/ ඩී ඩොස්‍ ඇටෑක් ප්රසධාන වර්ග
ඩොස්/ ඩී ඩොස්‍ ඇටෑක් ගැන කතා කරොත් ඒවා විවිධාකාරයේ ඒවා වෙනවා..
වොලියුම් බේස්ඩ් ඇටෑක් - සරලව කිව්වොත් මේකෙදි වෙන්නේ විශාල ට්රැෆික් එකක් යවනවා ටාගර්ට් සයිට් එකට. ඊට පස්සේ සයිට් එකේ බෑන්ඩ්විත් ලිමිට් එක පන්නනවා. මේ වගේ ඇටෑක් එකක් තමා මේ යටතට ගැනෙන්නෙ. මේ ඇටෑක් එකක ස්පීඩ් එක මනින්නේ බිට්ස් පර් සකන්ඩ් වලින්.
ප්රෝටොකෝල් ඇක්සස් - මේකෙදි වෙන්නේ වෙබ්සර්වර් එකේ සම්පත් විශාල වශයෙන් පරිභෝජනය කරනවා. ඩේටා පැක්ස් විශාල ප්රරමානයක් යොමු කරනවා වෙබ්සර්වර් එකට. මේ විදිහට වෙබ් සර්වර් එක හිර වෙනකන්ම කරනවා. මේකේ වේගය මනින්නේ පැකට්ස් පර් සකන්ඩ් වලින්.
ඇප්ලිකේෂන් ලේයර් ඇටෑර්ක් - මේවගෙදි වෙන්නේ වෙබ් සයිට් එකේ තියන සර්ච් බාර් හරහා එහෙම විශාල විමසීම් ප්රටමානයක් කරනවා‍. සාමාන්යෙයෙන් වඩාත්ම ඵලදායි ක්රනමය තමා මේක. මොකද කියනවනම් මේකෙන් අපේ ඩේටා ඉතුරු කරගෙන ඇටෑර්ක් එක දෙන්ඩ පුලුවන්......
ඩොස්/ ඩී ඩොස් ඇටෑක් එකක් දෙන විදිහ
මම ඔයාලට මුලින්ම කිව්ව වගේ මේ ඇටෑක් එකේ සාර්ථක භාවය රදා පවතින්නේ කොච්චර දෙනෙක් එක සැරේ වෙබ්සයිට් එක පාවිච්චි කරනවාද කියන කාරනය මත. අපි එක්කෙනෙක් දෙන්නෙක් ලොකු ට්රැෆික් එකක් දුන්නා කියලා වෙබ්සයිට් එකක් වට්ටන්ඩ බෑ. ඒ වගේම දැන් වෙබ් සර්වර් වලින් අදුරගන්නවා එකම අයි.පී ඇඩ්ඩ්රනස් එකෙන් ලොකු ට්රැෆික් එකක් එනවනම්. එහෙම අදුරගෙන අයි.පී බ්ලොක් කරනවා..
ඒ නිසා ඇටෑකර් කෙනෙක් කරන්නේ ලොකේ වටේම තියන පරිගනක දහස් ගනනක්,මිලියන ගනනක් තමන්ගේ ග්රිහනයට ගන්නවා. මේ විදිහට ග්රනහනයට ගන්න පරිගනක සොම්බි කම්පියුටර් කියලා හදුන්වනවා. මේ විදිහට පරිගනකයක් සොම්බි කම්පියුටර් එකක් විදිහට ග්රවනයට ගන්න විදිහ අපි ඊලග ලිපි වලින් කතා කරමු. ඇටෑකර් කෙනෙක් මේ විදිහට සොම්බි කම්පියුටර් සිය දහස් මිලියන ගනනක් එකතු කරගන්නවා..මේ විදිහට එකතු කරගන්න සොම්බි කම්පියුටර් එකතුව බොට්නෙට් එකක් නැත්තන් රොබොට් නෙට්වර්ක් එකක් කියලා හදුන්වනවා..
දැන් ඔය කිව්ව වචන ටික තේරුනේ නැති අය ඉන්නවනම් මම තව හොදට තේරුම් කරන්නම්කෝ..
ඇටෑකර් - වෙබ් අඩවියකට ප්ර හාරය එල්ල කරන්නා මෙසේ හැදින්නේ.
සොම්බී - ඇටෑකර් විසින් වවිධ ක්රකම මගින් පාලනයට ගන්නා ලද පරිගනක මෙනමින් හැදින්වේ. නමුත් මේ සොම්බි පරිගනක වල හිමිකරුවන් තම පරිගනකය වෙනත් අයෙකු විසින් පාලනය කරන බව නොදනී. ඔබේ පරිගනකයද මෙලෙස නොදැනීම ගොදුරු වී තිබිය හැක!!!
කන්ට්රෝ‍ලොර්/ හැන්ඩ්ලර් - ඇටෑකර් විසින් සොම්බි පරිගනක සියල්ල පාලනය කිරීමට යොදා ගන්නා මෘදුකාංගයක් හෝ වැඩසටහනක් වේ.
බොට්නෙට් - සොම්බි පරිගනක සියල්ල එකතු කර තැනූ ජාලය මෙලෙස හැදින්වේ. ඩොස් ඇටෑර්ක් එල්ල කිරීමට, ස්පෑම් යැවීමට, බෑන්ක් එකවුන්ට් තොරතුරු ආදී රහස්ය් තොරතුරු ලබා ගැනීමට ආදී විවිධ කටයුතු වලට බොට්නෙට් භාවිතා වේ.
වික්ටිම් - ඇටෑකර්ගේ ග්රටහනයට නතු වන්නා මෙනමින් හැදින්වේ.
ඇටෑකර් කෙනෙක් කරන්නේ මේ විදිහේ විශාල බොට්නෙට් එකක් ගොඩ නගා ගෙන බොට්නෙට් එකේ තියන පරිගනක දහස් ගනනක්, මිලියන ගනනක් මගින් ඩොස් ඇටෑර්ක් එක දෙනවා. ඒ කියන්නේ වෙබ් අඩවිය ඉතා ඉක්මනට කාටවත් යන්ඩ බැරි වෙබ් අඩවියක් බවට පත් වෙනවා.
එහෙනම් අපි ඊලග ලිපි වලදි බලමු බොට්නෙට් එකක් හදා ගන්න විදිහ සහ එය භාවිතයෙන් විවිධාකාරයේ ඩොස් ඇටෑර්ක් එල්ල කරන විදිහ..
කතෘ අයිතිය Hes K basnayake

Post a Comment

0 Comments