පිටසක්වල යානා(Alien Aircraft)

#පිටසක්වල_යානා_හා_ඒවා_වර්ගීකරණය
#UFO
U-Unidentified F-flying O-object
මෙය හඳුනා නොගත් පියාසර වස්තූන් ලෙසද හැදින්වේ.
පෘථිවියෙන් පිටත එනම් වෙනත් ග්‍රහයෙකු මත ජීවයක් පවතීනම් එය පිටසක්වල ජීවය ලෙස හැදින්වේ.
"සාමාන්‍ය ආකාරයෙන් හෝ විද්‍යාත්මකව හෝ පහදා දිය නොහැකි වස්තුවක් , ආලෝකයක් ,අහසේ ගමන් කිරීම හෝ නැවතී සිටීම හෝ සිදු කරයි නම් එය හඳුනා නොගත් පියාඹන වස්තූවකි"
~මහාචාර්ය ඇලන් හයිනෙක් -
#පිටසක්වල_ජීවීන්_පෘථිවියට_පැමිණියාද?
දැනට පෘථිවියට පිටසක්වල ජීවීන් පැමිණි බව හෝ ආසන්න ග්‍රහලෝකයක ජීවයක් ඇති බවක් නිශ්චිතව සොයාගෙන නැත.
#යම්_වස්තුවක්_හදුනා_නොගත්_පියාසර_වස්තුවක්_බව_දැනගන්නේ_කෙසේද?
දර්ශන වන ස්ථානය,ආරම්භක හා අවසානයට දකින ස්ථානය හා වේලාව
වස්තුවේ චලිත ස්වභාවය හා වේගය
වස්තුවේ හැඩය, වර්ණය හා ප්රමාණය
හැඩයේ සිදුවන වෙනස්වීම්
වස්තුවේ පිටත හා පිටතින් වස්තුවට ඇතිකරන සබදතා
ඉහත කරුණු ඔස්සේ විශ්ලේෂණය කිරීමෙන් හදුනා නොගත් පියාසර වස්තූන් බව තහවුරු කරගත හැක.
#පියාසර_වස්තුවල_හැඩ_කෙබඳුද?
ඕවලාකාර හැඩය
පැතලි මඩලාකාර හැඩය
සිලින්ඩරාකාර හැඩය
ත්‍රිකෝණාකාර හැඩය
සෘජුකෝණාස්‍ර හැඩය
කේතු ආකාර හැඩය
#හදුනා_නොගත්_පියාසර_වස්තූන්ගේ_විකාශනය
•1947 ජුනි 24 කෙනත් ආනෝල්ඩ් නම් ගුවන් නියමුවා රේනියර් කදුවැටිය අසලදි අධි වේගයෙන් ගමන් කරන පීරිසි හැඩති යානා කිහිපයක් දුටුවේය.මෙය flying disk හෙවත් පියාඹන පීරිසි ලෙස ප්රචාරය විය.
•1947 ජූලි 03 ඇමරිකාවේ නිව් මෙක්සිකෝ නගරයේ රොස්වෙල් ප්‍රාන්තයට අභිරහස් යානාවක් කඩා වැදීම.
•1908 දී තුන්ගුස්කා ප්‍රදේශයට අභිරහස් ආකාශ වස්තුවක් කඩා වැටීම.
#හදුනා_නොගත්_පියාසර_වස්තුන්_වර්ගීකරණය_කිරීම
1>>හයිනෙක් වර්ගීකරණය(Hynec classification system)
2>>වැලී වර්ගීකරණය(Vallee classification system)
#හයිනෙක්_වර්ගීකරණය
මෙය උප වර්ගීකරණ 4 නැවත වර්ග කෙරේ.
රාත්‍රී දර්ශනය වීම්
දහවල් කාලයේ දර්ශනය වීම්
රේඩාර් තරංග වලට හසුවීම්
ආසන්න හමුවීම්
#රෑට_දර්ශනය_වීම්
රාත්‍රී අහසේ යම් කිසි ආකාරයකින් හදුනා නොගත් ආලෝකයක් හෝ ආලෝකය නිකුත්කරන ප්‍රභවයක් මින් අදහස් වේ.
#දහවල්_කාලයේ_දර්ශනය_වීම්
කවපෙත්තක හැඩය
ඕවලාකාර හැඩය
සිලින්ඩරාකාර හැඩය
ත්‍රිකෝණාකාර හැඩය
කේතු ආකාර හැඩය
බිත්තරයක හැඩය
භූමරංගයක හැඩය
ගෝලාකාර හැඩය
ඩම්බලාකාර හැඩය
දියමන්තියක හැඩය
#රේඩාර්_තරංග_වලට_හසුවීම්
රේඩාර් සටහන් වල මෙම දර්ශනය වීම් පහසුවෙන් හදුනාගත හැක.ඒ එකවර දර්ශනය වී ක්ෂණිකව අතුරුදහන් වීමෙන් හා පෙන්නුම් කරන අනපේක්ෂිත චලිත නිසාවෙනි.
#ආසන්න_හමුවීම්
මෙය අනු කොටස් 5කට බෙදේ.
1.CE-1 හදුනා නොගත් පියාසර වස්තුන් ඉතා සමිපයෙන් හෙවත් අඩි 500 හෝ ඊට වඩා ආසන්නයෙන් දර්ශනය වූ අවස්ථා
2.CE-2 හදුනා නොගත් පියාසර වස්තුන් මගින් යම් භූමියක් මත සාක්ෂි ඉතිරි කර ගොස් ඇති අවස්ථා
3.CE-3 ඉහත CE- 1 හා CE- 2 අවස්ථාවල දෘශ්‍ය සාක්ෂි ඇති අවස්ථා
4.CE-4 හදුනා නොගත් පියාසර වස්තුන් මගින් කරනු ලබන පැහැර ගැනීම්
5.CE-5 පිටසක්වල ජීවීන් හා මනුශ්‍යයන් සන්නිවේදනය කල අවස්ථා
#වැලී_වර්ගීකරණය
මෙය උප වර්ගීකරණ 5 නැවත වර්ග කෙරේ.
විශ්ම සිදුවීම් වර්ගීකරණය(A Rating-Classifies any anomalous behaviour of case)
හදුනා නොගත් පියාසර වස්තුවක ලක්ෂණ හා දර්ශනය වන ආකාරය අනුව වර්ගීකරණය(MA Rating - Describes behaviour of UFO)
ගමන් කරන යානාවක් මගින් සිදුවන බලපෑම් හා එය චලනය වන ආකාරය අනුව වර්ගීකරණය(FB Rating-Fly-By of UFO)
ආසන්න හමුවීම් හා දර්ශනය වීම් වර්ගීකරණය(CE Rating-Close Encounter Cases)
යම් සිදුවීමක සත්‍ය අසත්‍යතාව විශ්ලේෂනය කිරීමේ ක්‍රමය(SVP Rating-The all important Credibility rating)
((සත්‍ය වශයෙන්ම දියුණු ජීවීන් පෘතුවියට පැමිනේද? පිටසක්වල ජීවය සත්‍යක්ද??)
(උපුටා ගන්නා ලදී!)

Post a Comment

0 Comments