පිටසක්වල ජීවීන්...(Aliens)

පිටසක්වල සම්බන්ධය 1.

වසර දහස් ගනනකට පෙර පෘතුවිය මත වාසය කල මිනිසාට මුහුනදීමට සිදුවූයේ කිසිදා අත් නොවිදි අත්දැකීමකටය. එය නම් පිටසක්වල අාක්‍රමනයක් නැතිනම් පෘතුවිය විනාශ කිරීමට පැමිනි පිරිසක් කිවහොත් මා නිවැරදිය. අප මන්දාකියෙන් එපිට තවත් මන්දාකියක හෝ තවත් ලෝකයක බලවත් ජීවින් පිරිසක් වන මාෙවුන්ගේ ඉලක්කය වන්නේ අනෙකුත් මන්දාකිනි වල ජීවය පවතින ලෝක විනාශ කර දැමීම හෝ අාක්‍රමනය කිරීමයි. කෙසේ හෝ පෘතුවිය වෙත පැමිනි ඔවුන්ට එය කිරීමට නොහැකි වන්නේ අප මන්දාකිනියේම අැති තවත් ග්‍රහලොවකින් පැමිනි ජීවීන් පිරිසක් පෘතුවිය බේරා ගැනීමට ඉදිරිපත් වීමයි. වසර දහස් ගනනකට පෙර ගල් යුගයේ ජීවත් වූ මිනිසුන්ට කල හැකි වූයේ මෙම සටන බලා සිටීමට පමනි මන්ද ඒ ඔවුන් හට සටන් කිරීමට තාක්ෂනයක් හෝ කිසිදු දැනුමක් නැති නිසාවෙනි. ඔවුන්ගේත් අපගේත් වාසනාවට සටන ජය ගන්නේ පෘතුවිය බේරා ගැනීමට ඉදිරිපත් වූ පිරිසයි. මෙතැන් පටන් පෘතුවි ජීවීන් සහ ලෝකය බේරා ගත් ජීවින් අතර අැතිවන සම්බන්දය අද අප ජීවත්වන ලෝකයේ සියලු දේටම බලපෑම් අැති කර අැති බව තර්කයකින් තොරව පිලිගැනීමට අපට සිදුවෙයි. එලෙස පෘතුවි ජීවින් හට දැනුම දුන් ඔවුන්ට කුමක් හෝ හේතුවක් නිසාවෙන් මෙහි වාසය කිරීමට නොහැකි විය. නමුත් ඔවුන් පෘතුවිය බේරා ගැනීම සිහිවීමට ඔවුන් විසින්ම ලොව පුරා තැනින් තැන පිරමීඩ වැනි විශාල ගොඩනැගිලි ඉදිකර අැති බවට පිරමීඩ ගැන සොයන ඔබ දැනටමත් අසන්නට අැත.ඔබගේ අදහස් අනුව මේ පිලිබද තවත් විස්තර දෙවන ලිපියෙන් දැමීමට බලාපොරොත්තු වන අතර පෙර සදහන් කල සටන හා එම ජීවින් ගැන සෙවීමට Egypt ශිෂ්ටාචාරයට එහා සෙවීමට ඔබට සිදු වේ. මෙම ජීවින්ට පෘතුවි වැසියන් Annunaki (අනුනාකී) ලෙස නම් කල අතර ඔවුනට අතීතයේ දෙවියන්ට මෙන් සැලකූ බවට ශාක්ෂි විශාල ප්‍රමානයක් හමුවී අැත.

උපුටා ගන්නා ලදී..
(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments