පිටසක්වල ජීවින් 2...(Aliens)

පිටසක්වල සම්බන්ධය 2.

පෙර ලිපියෙන් සදහන් කල අනුනාකී ලෙස නම් කරන ජීවින් වාසය කරන ග්‍රහ ලොව ගැන විස්රයක් ප්‍රධාන වශයෙන් මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. මෙම ග්‍රහලොව ගැන මායා ශිෂ්ටාචාරයේ හා සුමේරියන්වරුන් ගේ සටහන් වලට අනුව මෙය අපගේ මන්දාකිනියේම පිහිටි ග්‍රහලොවකි තවද මෙය අපගේ සූර්යයාට ඉහලින් පිහිටා අැති බවද මෙම මන්දාකියේ අැති විශාලම ග්‍රහලොව වන බවද පෙර ලිපියේ සදහන් කල මහා සටනින් පෘතුවිය ගලවා ගත් හෙතුවෙන් මයාවරුන් මෙයට මන්දාකියේ අාරක්ෂකයා ලෙසද මෙම ග්‍රහලොව හා එහි ජීවින් සලකන්නට විය. ග්‍රහ ලොව ගැන මෙම විස්තර හැරුන විට තවත් දේ ඔවුන්ගේ සටහන් වල නොමැති නමුත් එම ජීවීන් සම්බන්දව සටහන් කල සාක්ෂි විශාල ප්‍රමානයක් හමු වී අැති අතර ඒවායින් ප්‍රසිද්ධියට පත් කර අැත්තේ ඉතා අඩු ප්‍රමානයකි. තවද මේ පිලිබදව සෙවීමව ඉදිරිපත් වූ මහාචාර්යයවරු කිහිප දෙනෙකුටම සිදු වූයේ ඔවුන්ගේ නමට කැලලක් අැති කර ගැනීමටයි. එයට හේතුව මායාවරුන්ගේ අැතුලු එකල මිනිසුන්ගේ සටහන් වලින් කියවෙන බොහෝ දේ අද ලෝකයේ විද්‍යාවට විරුද්ධකම් දැක්වීමයි. අනුනාකි නමින් හැදින්වූ මෙම ජීවින්ගේ හැඩරුව ස්ථිර වශයෙන් ප්‍රකාශ කිරීමට නොහැකි වන්නේ එක් එක් සටහන් වල ඔවුන්ගේ රූපයන් එක් එක් හැඩරුවෙන් නිර්මානය කර තිබීමයි. කෙසේ නමුත් එම සටහන් වලින් බොහාෙමයකම මිනිස් රූපයට සමාන රූප වලින් හා දේව රූප අාකාරයෙන් ඔවුන්ව හදුන්වා අැත.




උපුටා ගන්නා ලදී..
(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments